/ Jun 01, 2025

කෝප් කමිටුවෙන් ඉතිහාසගතවෙන වැඩක්!

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලු ම රාජ්‍ය ආයතන සම්බන්දයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි සියලුම සාක්ෂි සහිතව ලිපිගොනු සකස් කෙරේ. ඒ සඳහා නීති නිලධාරියෙකුද පත් කරන බව සැලයි.

මෙයට පෙර කෝප් කමිටුව පාර්ලිමේන්තුවට පොදු වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් සිදු කළ බවත් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් සභාපතිවරයා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top