16 හැවිරිදි පාසැල් සිසුවියක් අනතුරට පත් කරමින් බීමතින් කැබ් රථයක් පැදවූ වවුනියාව පොලීසියේ සංචාරක අංශයේ පොලිස් සැරයන් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඇටවීරගොල්ලෑව පොලීසියෙන් වාර්තා වෙයි.
තුවාල ලැබූ සිසුවිය කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.