/ Dec 17, 2025

කරුණු නොදැන කිව්ව කතාව සංචාරක කර්මාන්තයට මරු පහරක් : සමාජ මාධ්‍ය ක්‍රියාකරු අශේන්ට ලොකු චෝදනාවක්!

මෙරට ප්‍රකට සමාජ මාධ්‍ය නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න කරුණු නොදැන කළ ප්‍රකාශයක් හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් වී ඇතැයි මෙරට සංචාරක ප්‍රවර්ධන කටයුතුවල යෙදෙන Hill Country Tourism Bureau පවසයි.

තමන් මහත් වෑයමින් මේ මොහොතේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම වළකන්නට කටයුතු කරද්දී මෙලෙස කටයුතු කිරීම ගැනයි ඔවුන් අශේන්ට චෝදනා නගන්නේ.

පහත දැක්වෙන්නේ ඔවුන් විසින් සමාජ මාධ්‍යයේ පළ කළ සටහනයි.

අශේන් කියන ඉන්ෆ්ලුවන්සර් අපිව බ්ලොක් කරල. අපේ කම/න් ට්ස් ඩිලීට් කරලා. ඒක හරි අශෝභනයි. ජෙනුයින් ඉන්ෆ්ලුවන්ස්ර්ස් ලා එහෙම නෑ. තමන් කරන කන්ටෙන්ට් එකට honest වෙන්න ඕන.

ඩොක්ටර් රුචිරගෙ පාඩමේ තියෙනවා, ව්‍යසනයකින් සතියකින් පස්සේ සමාජය පුරුදු රටාවට නැවත එන්න ඕන කියල. නැත්තම් ඒ ව්‍යසනය දෙවෙනි ව්‍යසනයකට යනවා කියල. ඒකයි අපි හපුතලේ බණ්ඩාරවෙල ඇල්ල කට්ටියම එකතු වෙලා, දැවැන්ත උත්සහයක හිටියේ,

01. December High Season එක Secure කරගන්න.

02. දවස් කිහිපයකින් දෙමෝදර හපුතලේ අතර කෝච්චිය දුවවන්න.

03. පාර අයිනෙ ඉරිඟුතම්බන කෙනාගෙ සිට තරුපහේ හෝටලේ වෙනකල් හැම සේවාවක්ම සාමන්‍ය පරිදී සිදුවෙන බව සංචාරකයන්ට කියන්න.

04. අපේ පැත්තෙ තියෙන ප්‍රධාන සංචාරක ස්ථාන 12 ඇතලු අනිත් ස්ථාන සහ පිවිසුම් මාර්ග ආරක්ශාකාරීයි කියල “සුද්දන්ට” කියන්න.

ඇයි?

නැත්තම්, බොහෝ සංචාරකයන් ලංකාවට නෑවිත් ඉන්නවා. එහෙමත් නැතිනම්, සංචාරය දකුණු පළාතට සීමා කරනවා. සංචාරය කෙටි කරල ඉක්මනින් රටින් පිට වෙනවා. ඒක විශාල පහරක් කර්මානතයට. ලොකු කුඩා හැම කෙනෙක්ටම. රටටම.

අපේ Hill Country Tourism Bureau කණ්ඩායම මේ දවස් ටිකේම තිරය පිටුපස වෙහෙස වුනේ,

01. මේ මොහොතේ මේ පළාතේ ඉන්න සංචාරකයන්, ඒ ස්ථානවලදිම හමුවෙලා Testimonials ගන්න,

02. එයාලා ගෙ හඬින්ම, මේ පළාත පරෙස්සම් කියල ලෝකෙට කියන්න,

03. රේල්පාර නිරීක්ෂණය කරන්න, ඉක්මනින් රේල් පාර ගොඩදැමීමේ ශක්‍යතාව සහ සැලසුම CGR එකටත් රජයටත් මැතිඇමතිවරුන්ටත් කියල ඔවුන් Convince කරන්න.

04. මේක කරන්න පුළුවන් වැඩක් බව කියන්න.

05. ඉක්මනින්ම තත්ත්වය සාමන්‍යඅතට හරවන්න.

එහෙම තත්ත්වෙක, අද එකපාරක විදේශයක ඉඳලා, followership එක 1 Million වපට වැඩා අශේන්, Followership එකතුව 62 Million වලට වඩා වැඩි ජාත්‍යන්තර මට්ටමේ ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වන Nas එක්ක එක්ක වීඩියෝ එකක ඉංග්‍රීසි භාශාවෙන්ම කියනවා, “Ella area is Flooded” ඇල්ලට ගංවතුර ගලලා ව්‍යසනයකට ලක්වෙලා කියල. ඔහු එය උලුප්පා කීමම පුදුමයක්.

ලංකාවෙ එකෙක් වන අශේන්ම, “Ella Safe” කියන ඇත්ත විසතරේ හරියට දන්නෙ නැත්තම්, සුද්දො ගැන කුමන කතාද?

Nas වගෙ කෙනෙක් පෙනී ඉන්න වීඩියෝ එකක, එහෙම සාවද්‍ය තොරතුරක් ප්‍රකාශ වුනාම, ඒක බොහොම නරක විදිහට ලංකාවේ සහ කඳුකරයේ සංචාරක කර්මාන්තයට බලපාන්න පුළුවන්.

අපි සහ බොහෝ අය ඒ ගැන කමන්ට් කලා, ඔහුට මැසේජ් කලා. අපි ඉල්ලුවෙ නිවැරදි කරන්න, වීඩියෝ එක මකන්න බැරිනම්, තනිවම හරි අළුත් එකක් කරන්න. වැරද්ද නිවැරදි කරන්න.

ඒ වෙනුවට ඔහු කලේ, අපි ප්‍රථිචාර මකල අපිව බ්ලොක් කරපු එක. සහ කිසිදු විශ්වසනීයත්වයක් නොහැඟෙන කමන්ට් එකක් ඔහු විසින් පළකිරීම පමණයි. අපිට දැන් වීඩියෝ එක පෙන්නෙ නෑ.

කොහෙන්වත් ඇහිච්ච තොරතුක් කියවනවා වෙනුවට, @Sheneller මේ වෙලාවෙ, ඇත්තටම ලංකාව වටේ ගිහින්, ඇත්ත තොරතරු එයාගෙ followership එකට ඉදිරිපත් කරන එක අගය කරනවා. ඒ තමයි බයිලා නැති ඉන්ෆ්ලුවන්සර්ස්ලා.

මේක කියවන, මිතුරු ඔබෙන් අපි ඉල්ලන්නෙ, හැකිනම් මේ අහඬ අවධි කරන්න, අශේන්ට කියන්න නිවැරදි කරන්න කියල. අපේ @Hill Country Tourism Bureau පේජ් එකේ තියෙන Verified ✅ Testimonials ඔබ දන්නා අය සමග බෙදා ගන්න.

ඇත්ත තොරතුරු සමාජගත කීරීමට උදව්වක් දෙන්න.

ස්තුති!

මේ තියෙන්නෙ අපි අශේන්ය Messenger හා WhatsApp ඔස්සේ යවපු පණිවිඩය.

—- උපුටා ගැනීම

අශේන් අශේන්, ලොකු වැරැද්දක් ඔයා කලේ Ella Area is Flooded කියල Nas එක්ක වීඩීයෝ එකේ.

මුල ඉඳන්ම Ella safe! Bandarawela safe! Haputale safe. නාය නෑ. ගංවතුර නෑ. වැස්ස නෑ.

නමුත් මිනිස්සු හිතන් ඉන්නෙ මෙහේත් විනාසයි කියල. සුද්දෝ දකුණෙන් උඩට එන්නෙ නෑ. බයට.

Hill Country Tourism Bureau එක විදිහට මාර ආයාසයක් ගන්නෙ මේ පැත්ත පරෙස්සම් කියල ලෝකෙට කියන්න. ඔය නමෙන් Facebook පේජ් එක බලන්න. අපි Paid campaign ගහනවා අද ඉඳං මේ පැත්ත පරෙස්සම් කියන්න.

ඒ අස්සෙ ඔයා Nas එක්ක ඉංග්‍රීසියෙන් වීඩියෝ එකක් කරල, ඉංග්‍රීසියෙන් කියනවා Ella Flooded කියල. ඒක විශාල වැරැද්දක්.

එන්න හිටපු උනුත් ආයෙ දෙගිඩියාවක් ඇතිකර ගන්නවා. ඉංග්‍රීසි භාශාවයි, Nas ගෙ appearance එකයි, ඔයාගෙ 1M+ followership එකයි උඩ ඒක සුද්දොන්ට රීච් වෙන ප්‍රවනතාව වැඩියි. කරුණාකරල රට වෙනුවෙන් ඒක නිවැරදි කරන්න අශේන්. ප්ලීස් 🙏🏽

මේ වෙලාවෙ ටුවරිසම් වැටුනොත් බඩු තමයි. අපි සතියෙන් ට්‍රේන් එකත් දෙමෝදර හපුතලේ දුවවන්න උත්සහ කරනවා ඉන්වෙස්ට්ගේෂන් කරනවා මීටින් වලට යනවා පිච් කරනවා වැඩ ගොඩයි.

ඒ අස්සෙ මෙහෙම එකක් වුනාම අමාරුයි. කරුණාකරල රට සහ ඉන්ඩස්ට්‍රිය ගැන හිතල මේක නිවැරදි කරන්න. තනියෙං හරි අලුත් වීඩියෝ එකක් කරන්න.

තොරතුරු අවශ්‍ය නම් කතා කරන්න +94777655855 හෝ මේ එවන වට්ස්ඇප් අංකයට

ඇත්තටම මේ වෙලාවේ මෙහේ සංචාරය කරන විදෙස් සංචාරකයන්ගෙ testimonials පවා අප සතුයි.

ස්තූති

~ කුෂාන් වන්නිආරච්චි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top