මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා වන ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
වත්මන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, දමින්ද බණ්ඩාර, ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, ගාමිණී කළුහෙන්දිවල, රොෂාන් පස්සරමුදලිගේ සහ මහචාර්ය තිලක් සුභසිංහ මේ සය දෙනා වෙති.
රටේ සංස්කෘතික කලාපයේ බලගතුම තනතුරක් වන මෙම තනතුර වෙනුවෙන් මෙවර ඉදිරිපත්ව සිටින පිරිස හේතුවෙන් දැඩි තරඟයක් නිර්මාණය වී තිබේ.
වර්තමාන දියවඩන නිලමේවරයා එම තනතුරේ වසර 20ක පමණ කාලයක් කටයුතු කරයි. කෙසේ වෙතත්, රටේ දේශපාලන බලය වෙනස් වෙද්දී එයට අනුරූපව මෙම තනතුරද වෙනස් විය යුතු බව බොහෝ දෙනා පවසති.