/ Jan 24, 2026

රහස් හොයන රහස් පොලිසියෙත් මහා වංචාවක්: සැකකාර DIG අතුරුදන්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු අතුරදන්ව ඇතැයි වාර්තා වේ.

කොමිසමේ නිලධාරීන් විසින් ඔහු රැඳී සිටින බව පැවසෙන ස්ථාන කිහිපයක් පරීක්ෂා කළද ඔහු ඒ තැන්වලින් සොයාගත නොහැකිව තිබේ. මේ ගැන ප්‍රශ්න කිරීමට පැමිණෙන ලෙස දන්වා තිබුණද ඔහු එය මගහැර තිබේ. මෙම වංචාව සිදුව ඇත්තේ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයන් හය දෙනෙකු ඇතුළු අටක් අත්අඩංගුවට ගත් සිදුවීමකදී බව පැවසේ.

මෙම කල්ලිය විසින් වංචනිකව උපයාගත් ලක්ෂ 75ක මුදල නඩු භාණ්ඩ ලෙස කැළණිය කොට්ඨාස අපරාධ ඒකකය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතත්, අධිකරණයට භාර නොදී ඒවා නැවත සැකකරුවන් වෙත භාර දීමට කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top