පානීය ජල බෝතල් වැඩි මිලකට අලෙවි කළ නුවරඑළිය නගරයේ වෙළඳ ආයතනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් සිදු කර තිබේ.
ඒ අනුව එම වෙළඳ ආයතනයට එරෙහිව අද (10) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පවරන ලද අතර අදාළ නඩුවේ දී පානීය ජල බෝතලයක් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වරද පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් අධිකරණය මගින් නියම කර ඇත.
ආපදා අවස්ථාවේදී පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ වැඩ සටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ඒ ප්‍රදීප් කලුතරආරච්චි මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මෙහෙයවීමෙන් එම වැටලීම සිදුකර තිබේ.





