/ Jan 23, 2026

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ වගා සම්බන්ධයෙන් හානි පූරණය සිදුකර අදාළ වන්දි ලබා දීම වෙනුවෙන් ජංගම සේවයක් ආරම්භ කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ මොහොතේ ගොවීන් පත්ව සිටින අපහසුතාව පිළිබඳ සලකා බලා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින් විසින් හානියට පත් වගා බිම් කරා පැමිණ අදාළ කටයුතු සිදුකරන බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි පැවසුවේ.

මීට අමතරව 1918 කෙටි දුරකථන අංකයට සහ තම බලප්‍රදේශයේ ගොවිජන මන්දිරයට ගොස් තමන්ට සිදුව ඇති හානිය පිළිබඳව දැනුවත් කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය

”ඔබේ ගොවිතැනට හානියක් වෙලා තියෙනවා නම් ගොවි ජන මණ්ඩලයට කියන්න පුළුවන්. කෘෂි නිලධාරියාව ඔබේ ගොවිතැනට ගෙන්නගෙන කියන්න පුළුවන්. 1918 වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෙටි අංකයට කියන්නත් පුළුවන්. කෘෂි රක්ෂණ මණ්ඩලය විදිහට අපි ජංගම සේවයක් කරනවා එතනදී ඔබේ හානිය ගැන කියන්න පුළුවන්. අපේ නිලධාරීන් ඔබේ වගා භුමිය වෙත එනවා වාගා හානිය බලන්න.ගොවි මහතුන්ට මෙම අවස්ථාවේදී ඇතිව තිබෙන ගැටළු නිසා අපි ජංගම සේවයක් ආරම්භ කළා.මාසයක් ඇතුලත මේ හානි පිළිබඳ අපව දැනුවත් කාරන්න.” යනුවෙන් ජාසිංහආරච්චි මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top