ඉවතලන ප්ලාස්ටික් බෝතල්, ටෙක්ට්‍රා පැක් සහ ඇළුමිනියම් කෑන් යන සියල්ලම මුදල් බවට පරිවර්තනය කරගැනීමට හැකි යන්ත්‍රයක් රත්මලාන MDS ආයතනය තුළ ස්ථාපිත කිරීම පසුගිය දා සිදු වුණි.
මෙම සංකල්පය නම් කොට ඇත්තේ ට්‍රෑෂ් ටූ කෑෂ් ( Trash to Cash ) ලෙසයි.
MAS ඉන්ටිමේට්ස් සමාගමේ මානව සම්පත් සහ පරිපාලන අධ්‍යක්ෂ ඩිනාල් පීරිස් මහතාගේ මූලිකත්වයෙන් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර මෙමගින් එම ආයතනයේ සේවය කරන්නන්ට ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකි බව සඳහන්.
විශේෂයෙන් මෙම ට්‍රෑෂ් ටූ කෑෂ් යන්ත්‍රයක් ස්ථාපිත කිරීම හරහා ආයතනයේ සේවය කරන සියළුමදෙනාට තමන්ගේ නිවසේ එකතුවන ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස බැහැර කිරීමෙන් මුදල් ලබාගැනීමට හැකිය.
ඒ අනුව මෙම යන්ත්‍රය වෙත බැහැර කරන සෑම ප්ලාස්ටික් බෝතලයක් සඳහාම රුපියලක මුදලක් තමන්ගේ ජංගම දුරකතනයට එකතුවන අතර ඒ මුදල් රීලෝඩ් දැමීම, නිවසේ ජල සහ විදුලි බිල් ගෙවීම වැනි දේ සඳහා යෙදවිය හැකියි.
තම නිවසේ ඉවතලන දෑ ක්‍රමවත්ව බැහැර කිරීමට සහ එයින් කිසියම් මුදලක් උපයාගැනීමට දිරිමත් කිරීම මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
රත්මලාන MDS ආයතනයේ දී මෙම ව්‍යාපෘතියේ සමාරම්භ උත්සවය පැවති අතර ඒ සඳහා MAS ඉන්ටිමේට්ස් සමාගමේ මානව සම්පත් සහ පරිපාලන අංශයේ සංවර්ධන අධ්‍යක්ෂ මැණික් ජයසූරිය සහ පරිපාලන සාමාන්‍යධිකාරී එරංග ෆොන්සේකා ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.