/ Nov 13, 2025

රස්තියාදු නොවී දඩ මුදල් ගෙවන්න සැප්තැම්බර් සිට අලුත් විදියක්

එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි.

GovPay සහ ඉදිරියේ දී හඳුන්වාදීමට නියමිත රථවාහන දඩ ඔන්ලයින් ගෙවීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා සති කිහිපයකට පෙර කැබිනට් අනුමැතිය හිමි වූ බව පෙන්වාදෙමින් ඔහු කියා සිටියේ, ඒ අනුව මෙම මාසයේ සිය එම කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

තව ද එහි පළමු අදියර ලෙස බස්නාහිර සහ දකුණු පළාත්වල පොලිස් ස්ථාන සම්බන්ධ කරගනිමින් මේ මස අවසන් භාගය වන විට මෙම පහසුකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා කියා සිටියේ ය.

සැප්තැම්බර් මාසය වනවිට ඉතාම කඩිනම් වැඩපිළිවෙළක් යටතේ රට පුරාම සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ස්ථානීය දඩ මුදල් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් කරමින් ඔහු මෙසේ කීය.

”අපි govpay එළිදක්වන මොහොතේ ගොඩක් ඇප් රෙඩි වෙලා තිබුණේ නෑ. දැන් ඇප් රෙඩි වෙලා තියෙනවා. බෑක්න් ඇප්ස් රෙඩි වෙලා තියෙනවා..

ඒ නිසා තමන්ට කැමති ඇප් එකක්, තමන්ට කැමති බැංකුවක් පාවිච්චි කරලා දඩ මුදල් ගෙවන්න පුළුවන්.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top