/ Dec 29, 2025

පොලිස්පතිගෙන් දැනුම් දීමක්!

නව වසර උදාව සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වැනි විශේෂිත අවස්ථාවල දී පොලිස් සේවය තුළ ඇතැම් නිලධරයන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්ට සුභ පැතීමේ අංගයක් වශයෙන් තුටු පඬුරු (Hampers) පිරී නැමීම මින් ඉදිරියට සිදුනොකළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒවා භාර නොගත යුතු බවත් පොලිස්පතිවරයා ලිපියක් නිකුත් කරමින් අවධාරණය කරයි.

පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, යම් නිලධාරියෙක්ට මෙවැනි විශේෂිත අවස්ථාවක පොලිස්පතිවරයාට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධරයක් සුභ පැතීම සඳහා අවශ්‍ය වන්නේ නම්, පුද්ගලිකව හමුවීම අවශ්‍ය නොවන අතර දුරකථනයෙන් ඇමතීම හෝ වටස්ඇප් (WhatsApp) මඟින් කෙටි පණිවුඩයක් යොමු කිරීම වැනි ක්‍රම වේදයක් ඔස්සේ සුභ පැතීම සිදු කළ හැකි බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top