/ Dec 06, 2025

රියදුරු බලපත්‍රයට දඬුවම් ලකුණු ක්‍රමයක් එයි!

ලබන වසරේ සිට රියදුරන් සඳහා ලකුණු ක්‍රමයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

මාර්ග නීති නැවත නැවතත් උල්ලංඝනය කරන රියදුරන්ට දඩුවම් ලකුණු ලබාදීමෙන් පසු උපරිම ලකුණු සීමාව ඉක්මවා ගිය විට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම හෝ අවලංගු කිරීමේ ක්‍රමය ලොව බොහෝ රටවල් මේ වන විට ක්‍රියාත්මක කරන අතර ශ‍්‍රී ලංකාවට ද හඳුන්වා දීමට යෝජනා වී ඇත්තේ ඒ හා සමාන ක්‍රමවේදයක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව, ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමය (Demerit Points system) හඳුන්වා දීමට නියමිතයි.

එමෙන්ම දැනට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වන වාහන දඩ ඔන්ලයින් ගෙවීමේ ක්‍රමවේදය මෙම වසර අවසානය වන විට රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියාසිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top