ශ්‍රී ලංකාවට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාවට ආධාර තොගයක් රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී – 130 ගුවන් යානයක් අද (29) අලුයම කටුනායක ගුවන්තොටුපොළට ළඟා වී තිබේ.
ඉන්දීය ජනතාව විසින් පිරිනමන ලද සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙසේ ගෙනැවිත් තිබේ.
භාණ්ඩ භාර දීම සඳහා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගි විය. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් ලසිත සුමනවීර එක්ව තිබුණි.
ආධාර රැගත් තවත් ගුවන් යානයක් ළඟා වීමට නියමිතයි.





