2022 වසරේ සිට වයස අවුරුදු 14ක දැරියක් දූෂණය කළ බවට සැකපිට පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන මැයි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා කඩුගන්නාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කාලයේ දී පහළ කඩුගන්නාව, හිඟුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක දැරියක් මෙලෙස දූෂණය කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා මාවනැල්ල පොලිස් ස්ථානයට වාර්තා වී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.