යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් 7ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
අද (15) දිනයේදී පිස්කල්වරයා විසින් එම නිවාස හිමිකරුවන්ට ලබාදි ඇති අතර ඒ අනුව තාවකාලිකව යාපනය පොලීසය අදාළ ප්‍රදේශයේ පැමිණිලි බාරගනු ඇත.
මේවනවිට ආරක්ෂක හේතුන්මත කෝපායි පොලිසියේ අවි ගබඩාවද යාපනය පොලීසියට රැගෙන ගොස් තිබේ.
තවත් මාස දෙකකින් පමණ කෝපායි පොලීසිය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.