ඉදිරියේ දී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
එම භූකම්පනය රික්ටර් මාපක ඒකක 8 – 9ත් අතර අගයක් ගත හැකි බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.
ජපාන රාජ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම භූකම්පනය පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවිය හැකි බවයි. එමෙන්ම මෙම ව්‍යසනය ඇති වීමේ සම්භාවිතාවය 80%ක් බවද සඳහන්.
එම භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක්ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය දහස් ගණනක් විනාශ විය හැකි බවත් අදාළ වාර්තාවල සඳහන් වී තිබේ.
තවද එම ව්‍යසනයෙන් ජීවිත 300,000ක් පමණ අහිමිවනු ඇති බවත් ජපානයේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අහිමි විය හැකි බවත් අදාළ වාර්තා මගින් වැඩිදුරටත් පුරෝකථනය කර තිබේ.