එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දර්ශනය සහ නායකත්ව ගුණාංග පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව එම පක්ෂයේ නව නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු පවසයි.
මෙම වැඩසටහන නම් කර ඇත්තේ “Read with Ranil” ලෙසයි.
මාර්තු 19 වැනිදා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ස්මාර්ට් යූ.එන්.පී වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරන බවද හරීන් ප්‍රනාන්දු තවදුරටත් කියා සිටී.





