නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වධ දුන්නොත් කෙසේ දැනිය හැකි දැ යි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර රුහුණු සරසවියේ හපුගල ඉංජිනේරු පීඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් අධිකරණයේදී ප්‍රශ්න කර තිබේ.
උක්ත සරසවියේ එම පීඨයේ විනය භාර කථිකාචාර්යවරයාට අයුතු බලපෑම් කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, අයුතු අවහිර කිරීම, අයුතු ජනරාශියක සාමාජිකයන් වීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබු මෙම සැකකරුවන්ගෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස විමසා සිටියේ ය.
කෙසේ වෙතත් සැකකාර සිසුන් විවෘත අධිකරණයේදී විනයභාර කථිකාචාර්යවරයාට වැඳ සමාව ගෙන නඩුව සමථයකට පත් කර ගත්තෝ ය.