කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රබල අකුණු පිළිබඳව නිවේදනයක් නිකුත්කර ඇත.
අද (18) දින දහවල් 12.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද ප.ව. 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, උතුරුමැද, සබරගමුව, ඌව, සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.