2025 වසරේදී පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයද වාර්තා ගත අදායමක් උපයා තිබේ.
ඒ අනුව එම මධ්‍යස්ථානය රුපියල් මිලියන 1042 කට වැඩි ආදායමක් උපයා ඇත.
මෙය 1975 වසරේ දී අලි සංරක්ෂණාගාරය ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම ආදායම ඉපයූ වසා ලෙස ඉතිහාස ගත වී තිබේ.
පසුගිය වසරේ දී පින්නවල අලි ඇතුන් නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන් එක්ලක්ෂ අනූතුන්දහස් හයසිය පනස්හයදෙනෙකු පැමිණ ඇති අතර
දේශීය සංචාරකයන් හාරලක්ෂ තිස්අටදහස් තුන්සිය හැටහතරදෙනෙකු පැමිණ ඇති බව පින්නවල අලි සංරක්ෂණාගාරය පවසයි.
ඒ අනුව 2025 වසරේ රාජ්‍ය ආදායම් උපයන ආයතන රැසක් වාර්තාගත ලෙස සිය ආදායම් උපයා ඇති බව නිරීක්ෂණය වෙයි.





