අනතුරට ලක් වූ ඉන්දීය ගුවන් යානයේ සිටි මගීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ.
අහමදාබාද් සිට එරට වේලාවෙන් 1.38ට පිටත් වූ මෙම බෝයිං 787-8 ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇති බව සඳහන්.
ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.
ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.
අනතුරින් තුවාල ලැබූවෙන් කඩිනමින් රෝහල් වෙත රැගෙන යෑමට එරට බලධාරීන් කටයුතු කරන බවයි වර්තා වන්නේ.
මේ අතර ඉන්දියාවේ, අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ AI171 ගුවන් යානය අද (12) ගුවන්ගත වීමෙන් පසු අනතුරකට ලක් වූ බව එයාර් ඉන්දියා තහවුරු කර තිබේ.