යුද්ධය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබූ පලාලි පේදුරුතුඩුව මංසන්ධිය දක්වා වූ මාර්ගය වසර 34කට පසුව අද (10) මහජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද හමුදාව විසින් කටයුතු කර තිබේ.
යාපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මංසන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මංසන්ධිය දක්වා ඇති කිලෝමීටර් දෙකහමාරක දුරක පාරක් මෙසේ විවෘත කර ඇත.
යුද හමුදා අධිආරක්ෂිත කලාපයක් හරහා ඇති මෙම මාර්ගය ජනතාවට විවෘතව පවතින්නේ දිවා කාලයේ පමණක් වන අතර මගීන් පිළිපැදිය යුතු කොන්දේසි 9ක්ද දැනුම් දී තිබේ.