/ Mar 12, 2025

කුරුවිට දී පාසල් වෑන් රථයක් අනතුරක : 14ක් රෝහලේ

KURUWITA SCHOOL VAN

කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේදී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ ගසක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ අවුරුදු 11ත් 14ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් 14ක් හා කාන්තාවක් ගමන් කර ඇති අතර තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා සහ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා එරත්ත ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කළ පාසල් ළමුන් 10 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පිරිමි ළමුන් දෙදෙනෙකු, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top