/ Dec 29, 2025

විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් – නත්තල් සුබ පැතුම් එක්කරමින් සජිත් කියයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් පවසයි.

මෙවර නත්තල් උදාව අප වෙත පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතිය මුහුණදුන් වේදනාකාරී අත්දැකීම් මතකයේ තබාගෙන බවයි විපක්ෂ නායකයා සඳහන් කරනේ.

මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වු දේශපාලනය නොව ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන රටේ අනාගතය ගොඩනගන සාධාරණ සහ දයාවෙන් පිරි රටක් ගොඩනැගීම බව හෙතෙම කියා සිටියි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතු අතර, ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යා යුතු බව ඔහු පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top