ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇත.
මෙම තීරණය ඊයේ (2) ප්‍රකාශයට පත් කර ඇති අතර 05 වැනිදා සිට ක්‍රියාත්මක වන බව සැලයි. ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයකට නව තීරු බදු පැනවීමට ට්‍රම්ප් ක්‍රියාකර තිබේ.
ඇමෙරිකානු කර්මන්තා ධෛර්යමත් කිරීම මෙහි අරමුණ බව පැවසෙන අතර ශ්‍රී ලංකාව ඔවුන් විසින් වැඩිම තීරු බදු පැනවූ රටවල් 5 අතරට ඇතුළත් වීම විශේෂයකි.
මෙයට පෙර පැවතියේ මෙරට ආනයන සඳහා 12.2%ක තීරු බද්දක් වන අතර මේ අනුව එය කිහිප ගුණයකින් ඉහළ යයි.
මෙම තීරණය මගින් මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි පැවසෙන්නේ. මෙරටින් වැඩියෙන්ම ඇගලුම් ලබා ගන්නේ ඇමරිකාව වන අතර පසුගිය වසරේ මෙරටින් ඇමරිකාව ආනයන කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3කට වැඩි වේ.
මේ වසරේ ජනවාරි මාසයේ පමණක් ඇමරිකාව විසින් සිය රටට අපගේ භාණ්ඩ ඩොලර් මිලියන 346කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත.