/ Aug 07, 2025

මහරගම මහමග වෙඩිල්ලක්: ජන ආරක්ෂාව තහවුරු කරනු!

අවුරුද්දේ පසුගිය සමය පුරා ම ආයුද අතට ගත් කල්ලි හෝ පුද්ගලයන් විසින් ජනාකීර්ණ ස්ථානවල වෙඩි තැබීම් 80ට ආසන්න ගණනක් වාර්තා වී තිබේ. අලුත්ම වෙඩිල්ල පත්තු වී තිබුණේ, ඊයේ (06) දින මහරගම නාවින්න ප්‍රදේශයේදී තවත් වෙඩි තැබීමක් වාර්තා විය.

කුලී යතුරු පැදි රැකියාවක් කරන තරුණයෙකුට ස්කූටරයෙන් හඹාගෙන ගොස් වෙඩි තබා තිබු අතර ඔහු මාර්ගයේ මරු විකල්ලෙන් දිව ගොස් ඇත. දැන් දැන් වෙඩික්කරුවන් එන්නේ අධිබල යතුරුපැදිවල නොව කුඩා ස්කූටර්වලය. මහජනතාව ගැන වගේ වගක් නැතිව මේ වෙඩි තැබීම් සිදුවෙයි.

පාතාලය ද දැන් සෑහෙන තරම් හැකියාවන් අතින් පල්ලම් බැස ඇතැයි සිතේ. පෙරදී හරියටම සිය ඉලක්කයට වෙඩි තැබූ වෙඩික්කරුවෝ දැන් අයිස් මතේ හෝ වෙනත් හේතු නිසා ඉලක්කය වරද්දා බිලිගත් කිසිවකට සම්බන්ධ නැති අහිංසක ජීවිත ගණනකි. ඒ අතර කුඩා නොදරුවන්ද වෙති.

ජනාකීර්ණ වීදිවල චිකාගෝ පන්නයේ සිදුවන මෙම වෙඩි තැබීම් නිසා මහමග නිදහසේ ගමනක් බිමනක් යන්නට ජනතාවට නොහැකිය. ඔවුන්ටද මරබියේ ජීවත් වන්නට සිදුව ඇත. අනෙක් අතට, මේ පාතාල නායකයන් කියාගන්නා උන් ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ ලොරි ටෝක් දෙන්නටද පටන් ගෙන ඇත.

ආණ්ඩුව යට පුංචි ආණ්ඩු පාතාලයන්ගෙන් පාරේ මැරෙන්නට නම් ජනතාවට ආණ්ඩුවක් අවශ්‍ය නැත. මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ග අවශ්‍ය ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top