/ Jan 09, 2026

සමඟියේ සහ එජාප හවුල ගැන පෙර නිමිත්තක් – සජිත්ගේ එජාප කණ්ඩායමක් සමඟ විශේෂ සාකච්ජාවක!

සමඟි ජන බලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසසහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක යන අය අතර අද (30) විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඒ බව සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

අපගේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡා පැවැත්වූ බවයි එම හමුව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය ඒකාබද්ධ කරන වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක අතර සමඟි ජන බලවේගය පාර්ශවයෙන් එම සාකච්ජා මෙහෙයවනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතා විසින්මය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top