/ Jan 10, 2026

ඉන්දීය බඩු හොරාට බෝට්ටුවලින් ගෙන එන ජාවාරමක්!

කිලිනොච්චිය වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබු කුළුබඩු, රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් කරන ලද සෝදිසියකදී සැකකටයුතු කැබ් රථ දෙකක් පරීක්ෂා කර ඇති අතර ඒවායේ අසුරා තිබූ එනසාල් කිලෝ 300ක්, කහකුඩු කිලෝ 260ක් වියළි ඉඟුරු කිලෝ 273ක් ඇතුළු කුළුබඩු සහ රූපලාවණ්‍ය සහ ඖෂධ සොයාගෙන තිබේ. ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට බෝට්ටු මගින් ගෙනා ඒවා බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top