/ Dec 06, 2025

ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයෙන් විශේෂ දැනුම් දීමක්!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති කාලගුණ අනාවැකිය අනුව තවදුරටත් ඉවත්වීමේ රතු නිවේදනය දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44 කට ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ජේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසයි.

ඒ අනුව රතු නිවේදන මඟින් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර සිටින ජනතාව තවදුරටත් එම ස්ථානවල රැඳී සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.

පවතින තත්ත්වය ගැන වැඩිදුරටත් පැහැදිලි කරන වසන්ත සේනාධීර මහතා,

”මේ වන විට ජාති ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අනිත් අනුබද්ධ ආයතන මාර්ග පිරිසිදු කිරීම් සහ මාර්ගවල තත්ත්වය පිළිබඳව පරීක්‍ෂා කරමින් පවතිනවා. මේ නිසා අනතුරුදායක තැන්වලින් තවදුරටත් ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින්න මේ පරීක්ෂණ කටයුතු අවසන් කරන තුරු. සියලු කටයුතු දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රමුඛතාව යටතේ සිදුවෙනවා. මේ සඳහා තවත් දවස් කීපයක් ගතවෙයි. ඒ වෙනකන් රැඳී සිටින්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මේ වන විටත් අධික අනතුරු සහිත ස්ථානයක ඉන්නවනං එම ස්ථානවලින් ඉවත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විටත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයට සහ එහි දිස්ත්‍රික් කාර්යාලවලට පුද්ගලයන්ගෙන් ඉරි තැලීම් සහ නායයාම් ලක්ෂණ පිළිබඳව තොරතුරු එනවා. අපි ඒ අයට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. අපිට දුරකථන ඇමතුම් ලැබෙනවා නිවෙස්වලට යන්න ඕන කියලා. නමුත් ඔවුන් සිටින ස්ථානවල අනතුරුදායක තත්ත්වය මේ වන විටත් තියෙන නිසා අපි උපදෙස් ලබා දීලා තියෙනවා ඒ අයට එම ස්ථානවලට නොයන ලෙස. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා ඊසාන දිග මෝසෙම සක්‍රීය වෙමින් පවතිනවා කියලා. මේ නිසා 50MM ක වැස්සක් ලැබුණත් ඉරිතැලීම සහ නාය යෑම් ලක්ෂණ පෙන්නුම් කරන ස්ථාන නැවතත් නායයෑමකට ලක්වෙන්න පුළුවන්. ඒ වගේම නිවෙස්වල ඉරි තැලීම් නැත්නම් ඒ ආශ්‍රිතව කඳුවල පාරවල්වල ඉරිතලීම් නැත්නම් නායයාම් ලක්ෂණ නැත්නම් ඉවත්වීමේ රතු නිවේදන අවසන් කළ පසු එම ස්ථානවලට යන්න පුළුවන්. එම ස්ථාන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් පරීක්ෂා කරනතුරු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස ඉල්ලා සිටිනවා”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top