ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර ඊයේ (18) රාත්‍රී නවදීල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී විශේෂ හමුවක් සිදුව තිබේ.
“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව සිදුව ඇත.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිවරයා සහභාගී වී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව “AI Impact Summit 2026” සමුළුව සඳහා සභගිවීමට ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) එම සමුළුව ඇමතීමට නියමිතයි.
කෘතිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් රාජ්‍ය නායකයින් සහ ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නවදිල්ලි නුවර මෙම සමුළුව පැවැත්වේ.
දින පහක් පුරා පැවැත්වෙන සමුළුව සදහා රටවල් 20ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් එක්ව සිටිති.





