‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණිමේ දී විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන ඒමෙන් වළකින ලෙස යුද්ධ හමුදා මුලස්ථානය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකරන බව යුද්ධ හමුදා මුලස්ථානය පැවසීය.
පෙර දැනුම්දීම් සිදුකළ නමුත් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමුව නොමැති බවට නිරික්ෂණය වන බවයි එම මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.