පළාත් සභා ක්‍රමය හා එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කාරක සභා විවාදයේදී විෂයභාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය,සභානායක බිමල් රත්නායක මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළ අතර එම විශේෂ තේරීම් කාරක සභාව පත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව හා ඊට අදාළ පැහැදිලි කිරීම කාරක සභා විවාදයේදී සිදුකිරීමට නියමිතයි.





