/ Dec 29, 2025

රනිල්ගේ ලන්ඩන් නඩුව අහන්න විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක්?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මතභේදාත්මක ලන්ඩන් සංචාරය සම්බන්ධ නඩුව සහ තවත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්, පොලිස්පතිවරයා සහ අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශේෂ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොණු කිරීමට අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් යෝජනා කර ඇතැයි සඳහන්.

ඒ පිළිබද අවසන් තීන්දුව තවත් කරුණු කිහිපයක් සලකා බලා ඉදිරියේ දී ගන්නා බව නීතිපති පාරින්ද රණසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවද වාර්තා විය.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් වෙනුවෙන් ලන්ඩන් බලා ගොස් තිබුණ අතර එය නිල ආරාධනයකින් සිදුවූවක් නොව පෞද්ගලික සංචාරයක් බවට අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් තහවුරු කරගෙන ඇති බව වාර්තා විය.

එම සංචාරය හේතුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ එකසිය හැට හයක මුදලක් අවභාවිත කර ඇති බවට වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top