/ Dec 06, 2025

දඹුල්ලට අති නවීන රෝහලක්!

රුපියල් බිලියන 12ක වියදමින් දඹුල්ලට අතිනවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීම් වර්ෂ තුනක් තුළ දී අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු අදියර සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කර ඇති අතර දඹුල්ල මූලික රෝහල නව ස්ථානයක ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල වලගම්බා පිරිවෙන් පරිශ්‍රයේ දී පැවති රැස්වීමක දී මෙහි මුලික සැලසුම් සකස් කෙරුණි.

පළමු අදියර යටතේ ඇදන් 130 කින් ආරම්භ කර උපරිම ඇදන් ධාරිතාවය 200 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, මෙහි ඉදිකිරීම් වසර තුනක් තුළ අවසන්කර කිරීමට ද සැලසුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

දඹුල්ල මූලික රෝහල ප්‍රමුඛව දිවයිනේ තවත් රෝහල් හතරක් ජනගහණය විසිරී ඇති ආකාරය මෙන්ම නගර භාවිතා කරන ස්භාවය අනුව කඩිනමින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව ද, වත්මන් දඹුල්ල රෝහල පවතින තත්ත්වයෙන් නොව නව රෝහල නවීන ආකාරයෙන් ඉදිකිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

ආර්ථික මධ්‍යස්ථානයක්, සංචාරක ගමනාන්තයක්, ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් මෙන්ම සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධානත්වයක් උසුලන දඹුල්ල නගරයේ සෞඛ්‍ය සේවා ඉතා ඉහළ තලයකට ඔසවා තැබීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ පිළිබදව සලකා බලමින්ද මාතලේ දිස්ත්‍රික්කයේ සහ අවට දිස්ත්‍රික්කවල වාසය කරන ජනතාවට උපරිම සෞඛ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් දඹුල්ල මුලික රෝහල ඉතාමත් නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණ්‍ය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

1 thought on “දඹුල්ලට අති නවීන රෝහලක්!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top