ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ අද (17) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ විදේශීය කංසා කිලෝ ග්‍රෑම් එකසිය හතලිහකට (140) අධික තොගයක් සමඟ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ ‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’, යන දැක්මට සමගාමීව, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදාගැනීමේ ජාතික කර්තව්‍ය සඳහා දායකවන නාවික හමුදාව, දිවයින වටා වෙරල සහ දේශීය ජල තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මාර්ගයේ නවතා තිබූ සැකකටයුතු කැබ් රථයක් පරීක්‍ෂාවට ලක් කර ඇත. එහිදී, ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ උර හතරක (04) අසුරන ලද විදේශීය කංසා කිලෝ එකසිය හතලිහයි (140) ග්‍රෑම් හාරසිය හැටක (460) පමණ තොගයක් සමඟ එම කැබ් රථය මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහයුම මඟින් නාවික හමුදා භාරයට ගත් විදේශීය කංසා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 31කට අධික බව සඳහන්.
තවද, නාවික හමුදා භාරයට ගත් විදේශීය කංසා තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදී ඇත.






