/ Jul 23, 2025

වව්නියාවෙන් බෝම්බ තවානක් අල්ලයි!

වව්නියාවේ නිරියකුලම්හි ගෙවත්තක වළ දමා තිබූ අවි ආයුද විශාල තොගයක් සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

ජීව අත්බෝම්බ 80ක්, ටී 56 වර්ගයේ ගිනි අවි උණ්ඩ තොගයක් මෙහි තිබී ඇති අතර ප්ලාස්ටික බැරලයක බහා මේවා වළ දමා තිබුණු බව වාර්තා වේ. නිවස අවට වත්තේ වළ දමා තිබු මත් කරල් 5000ක පමණ ප්‍රමාණයක් ද සොයා ගැනීමට නිලධාරීහු සමත්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top