/ Apr 30, 2025

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප!

ගණේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාගේ ඝාතනය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ ජේලර් මනෝජ් උදයකාන්ත නමැත්තා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (30) නියෝග කළේය.

එම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීමක් විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම සැකකරු අදාළ අපරාධයට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් මොහු ඇප මත මුදාහරින බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ කියා සිටියේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 75,000ක මුදල් ඇප මත මුදා හැර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top