නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (23) අලුයම ත්‍රිරෝද රථයක් මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී පිටුපස ආසනයේ ගමන් ගත් තරුණයා මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, 21ක් හැවිරිදි මීගමවත්ත, වත්තේගම ප්‍රදේශයේ තරුණයෙකි.