කඩවත සිට බණ්ඩාරවෙල බලා මෝටර් රථයකින් විනෝද චාරිකාවක් යමින් සිටි තරුණයන් සිව් දෙනෙකුට මුහුණ පෑමට සිදුවූ බිහිසුණු අනතුරක් හල්දුම්මුල්ලෙන් වාර්තා වේ.
මෙම පිරිස ගමන් ගත් මෝටර් රථයට හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී කඳුමුඳුනින් පෙරළී ආ ගල් කිහිපයක් ඇද වැටී තිබේ. එයින් මෝටර් රථයට දැඩි හානි සිදුවුවද රථයේ ගමන්ගත් සිව් දෙනාට හානියක් සිදුවී නැත.
අද (19) වර්ෂාව නැති වුවද, පෙර දිනවල වට වර්ෂාව නිසා කඳු මුඳුනේ ගල් බුරුල්වී තිබෙන්නට ඇති බවයි පැවසෙන්නේ.