/ Aug 07, 2025

ෆොඩයිස් වතු යායේ කොටි කලබලයක්

හැටන් පොලීසියට අයත් ෆොඩයිස් වතුයායේ එන්සී කොටසට පසුගිය දා(08.03) කඩා වැදුනු කඳුකර කොටියෙකු හේතුවෙන් වතුයාය තුළ කලබලකාරී තත්වයක් ඇතිිිවු බව වාර්තා වෙයි.

මෙදින රාත්‍රියේ නිවසකට පැමිණි කොටියා නිවසක ඇති කළ සුනඛයෙකු රැගෙන යාමේ දර්ශනයක් එම නිවසේ සීසීටීවී කැමරාවක සටහන් වී තිබීමත් සමඟ වතුකම්කරුවන් භීතියට පත්ව තිබේ.දිනපතා මෙලෙස නිවෙස් වල සිටින සුනඛයන් අතුරුදන් වන බව වතු කම්කරුවන් පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් 2025.08.05 දින නල්ලතන්නිය වනජීවී කාර්යාලය මඟින් නිරීක්ෂණය කර වතුවාසී ප්‍රජාව කොටින්‌ගෙන් ආරක්ෂා වන ආකාරය දැනුවත් කරන ලදී.එහිදී වනජීවී නිළධාරීන් විසින් වතුකම්කරුවන්ට දන්වා සිටියේ දර කැඩීම ආදී කටයුතු සඳහා කැළයට යන විට හා තේදලු නෙලීමට යන විට සුනඛයන් රැගෙන නොයන ලෙසටය.

කොටින් ගම් වැදීම වළැක්වීම සඳහා දැනුවත් කිරිමේ වැඩසටහන් වතුයායේ සියලු වතු ආවරණය කරමින් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බව වනජිවී නිළධාරීන් පැවසූහ.

ආර්.එෆ්.එම් එල් සුහෙල්-නුවරඑළිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top