/ Jun 16, 2025

හදිසියේ වියෝවූ කෝසල වෙනුවෙන් ජනපතිගෙන් සංවේදී සටහනක්!

පසුගියදා (06) අභාවප්‍රාප්ත වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංවේදී සටහනක් සිය මුහුණු පොතේ තබා තිබේ.

” ගමන ඇරඹුවා පමණයි ඔබ නොමැති පාඩුව බරයි…
ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු…
කෝසල සොයුර, ඔබට විප්ලවීය ආචාරය!

යනුවෙන් ජනාධිපතිවරයා සිය සංවේගය පළ කර තිබුණි.

මෙවර මහ මැතිවරණයෙන් ඉහළ මනාප සංඛ්‍යාවක් දිනා ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ග්‍රාමය නියෝජනය කරමින් තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස කෝසල නුවන් මහතා පාර්ලිමේන්තු වරම් දිනා ගත්තේය.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේ දී ඒ මහතා ජීවිතක්ෂයට පත් වන විට 38 හැවිරිදි වියෙහි පසු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top