/ Jul 26, 2025

ඇල්ලේදී සංචාරක කතකට හිරිහැර කර හෙළකට දමලා!

සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ඇල්ල සුන්දරත්වය නැරඹීමට පැමිණි ඇල්ජීරියා ජාතික විසිපස් වියැති තරුණියකට බීම වර්ගයක් පානයට දී ඇය සිහිමූර්ජා කර ඇය සතු දුරකතන ඇතුළු වටිනා දේපල කොල්ලකා ඇයව ප්‍රපාතයකට තල්ලු කර දමා තිබේ.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක මඟපෙන්වන්නෙකි. මොහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. 

සිහිසුන්ව සිටි තරුණිය සිහි ලැබීමෙන් පසුව පොලිසියට කළ පැමිණිල්ලකට පොලිසිය ක්‍රියාත්මක වී ඇති අතර සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ රජය සෑහෙන අවධානයක් දී ඇති පසුබිමක සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අය විසින්ම සිදු කරන මෙම අකටයුතු සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක විය යුතු බවයි ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top