හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කරඹකැටිය, බදුල්ල වංගුව අසලදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහළ බෑවුමට පෙරලීයෑමෙන් ඊයේ(19) පස්වරු 5.45 ට පමණ සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්කල 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්රධාන මාර්ගය අසළ නැවතී තිබේ.
අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු අයත් වේ. එමෙන්ම තවත් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.