ආණ්ඩුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණක් ගොඩනගා තිබේ.
ඒ අනුව වෛද්‍ය සංගමය, පරිපූරක වෛද්‍යය අතුරු වෛද්‍යයේ හෙද, සෞඛ්‍ය සහායකයන්ගේ වෘත්තිය සමිති යන වෘත්තීය සමිති එකමුතුවෙන් එම පෙරමුණ ගොඩනගා ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ ආණ්ඩුව මේ වන විට වෘත්තීය සමිති විනාශ කරමින් ඔවුන්ට හිතවත් වෘත්තීය සමිති හැදීම බවයි.
”පහුගිය අවුරුද්දටම නලින්ද නිල වශයෙන් එකම සාකච්ඡාවක්වත් කරල නැහැ. කිසිදු වෘත්තීය සමිතියකට සාකච්ඡා සටහනක් දීලා නෑ. සාකච්ඡා කරන්නේ ඒගොල්ලන්ට දේශපාලනිකව අවනත අය එක්ක විතරයි. සාකච්ඡා කරත් උත්තරයක් දෙන්න තරම් හැකියාවක් නලින්දට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ නැහැ. වෘත්තීය සමිති පිළිබඳව කටයුතු කරන්නේ පක්ෂයෙන් දාලා වෙනම දේශපාලන කාඩරවරුන් පිරිසක්. ඔවුන් කරන්නේ ඇත්ත වෘත්ති සමිති විනාශ කරලා තමන්ට හිතවත් දේශපාලන වෘත්තීය සමිති හදන එක විතරයි. සෞඛ්‍ය සේවාවේ හැදෙන අලුත් ප්‍රතිපත්තිමය තීරණ කොහේ හැදෙනවද කවුරු වග කියනවද අරමුණු මොනවද කියලා කවුරුත් දන්නේ නෑ. සියල්ල දේශපාලනීකරණය වෙලා ඉවරයි.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.





