/ Jan 08, 2026

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි වීම:ආර්ථික අපහසුතා ඇත්නම් සලකා බලනවද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය.

එය දෙවන සහ තුන්වන වර කියවීමෙන් පසු නීතියක් ලෙස සම්මත වීමෙන් අනතුරුව එතැන් පටන් විශ්‍රාම වැටුප හිමි නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙතෙක් කල් ලබාගත් විශ්‍රාම වැටුපට අගතියක් සිදුනොවන අතර එය නැවත ගෙවීමේ අවශ්‍යතාවක් පනත අහ්රහා මතු නොවන බවා අමාත්‍යවරයා කියා සිටියේය.

”අපි මේක ගේන්න හේතුව තමයි දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් හැමවිටම තමන්ට වරදාන වරප්‍රසාද බෙදාගන්නා ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා විශේෂයෙන් මහජන විරෝධතාවයක් තියනවා මේ අවුරුදු පහක් රැකියාව කරලා ඒකට විශ්‍රාම වැටුප ගන්නේ. මක්නිසාද සාමාන්‍ය රජයේ සේවකයෙක් වුනොත් වසර ගණනාවක් සේවය කරලා කොන්දේසි ගණනාවකට මුහුණදීලා තමයි ඔවුන්ට විශ්‍රාම වැටුප හම්බවෙන්නෙ. මේ විශ්‍රාම වැටුප ගැනීමේදී ඔවුන් කිසිම ආකාරයක කන්ට්‍රිබියුෂන් එකක් කරන්නෙත් නැහැ. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කලේ අපි මේ විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අහෝසි කරනවා කියන කාරණාව. ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැටුප හැර වරප්‍රසාද යම් ප්‍රමාණයකටත් ඉවත් කලා. ඉතිං මේකෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකෙන් එක ඉටු කරමින් අපේ ගමන යනවා කියන කාරණාව. ඉදිරියටත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව දේවල් කරනවා. මේකට අධිකරණයට යන්න පුළුවන් මේක ව්‍යවස්ථා විරෝධී නම්. නමුත් අපි රජයක් වශයෙන් ඉන්න ස්ථාවරය තමයි මේ අපි දීපු පොරොන්දුව මත මෙම විශ්‍රාම වැටුප අහෝසි කිරීම. යම් හෙයකින් යම් මන්ත්‍රීවරයකුට මේ විශ්‍රාම වැටුප නැතිව අපහසුතා තියනවා නම් ඒ්ක රජයෙන් වෙනම ඉල්ලීමක් කරන්න පුළුවන් ඉන් පසුව ඒ් මන්ත්‍රීවරයා දිහා බලලා ආර්ථීක සහන අවශ්‍ය නම් ඒ්ක කෙරෙන්නේ කොහොමද කියලා විසඳන්න පුළුවන්” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top