මෙරට වත්මන් ජනගහණය පුද්ගලයන් 21763170ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2012 දී සංගණනයෙන් වාර්තා වූ සංඛ්‍යාවට වඩා 1403731ක එනම් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක වැඩිවීමක් බවයි පෙනී යන්නේ.
ඒ අනුව මෙරට ජනගහණය කෝටි දෙක ඉක්මවා දෙකෝටි විසිලක්ෂයකට ළඟා වී තිබේ.
එසේ ම අපේ රටේ ජනගහණයෙන් වැඩි ම කොටස වන 28.1%ක ප්‍රමාණයක් පදිංචිව ඇත්තේ බස්නාහිර පළාත තුළ වන අතර, අඩුම සංඛ්‍යාව වන 5.3%ක ප්‍රමාණය උතුරු පළාතේ පදිංචිව සිටිති.
කොළඹ ජනගහණය ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයක්ව තිබේ. (2374461) එය රටේ ජනගහණයෙන් ඉතා විශාල අගයක් ගන්නා පිරිසකි.