/ Dec 29, 2025

ලෝක ආර්ථික විශේෂඥ මතය පිළිගන්න. බැරි නම් අපට කියන්න. අපි වැඩේට සූදානම් – සජිත්

ලෝක ආර්ථික විශේෂඥයන් පවසන ආකාරයට විදේශ ණය බර අඩු කළ යුතුය යන මතය උපයෝගී කර ගෙන නව ගිවිසුමකට යා යුතු බවත් එම මතය නිවැරදි නිසා එය පිළිගෙන නව ගිවිසුමක් කරා යාමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රජයට මෙය කළ නොහැකි නම් විපක්ෂය එය සිදු කරන්න සුදානම් බවයි ඔහු සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (24) සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන් යටතේ රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ හෙම්මාතගම ප්‍රාදේශීය රෝහල වෙත ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

දැනට පවතින ණය ගිවිසුම් සාකච්ඡා කළ අවස්ථාවේ IMF එක විදේශ ණය ගෙවීම 2033 සිට සිදු කළ යුතු වුවත් එය 2028 සිට ගෙවන්න හිටපු රජය තීරණය කළ බවත් එය වත්මන් රජයද ඒ ආකාරයෙන් පිළිගත් බවත් මේ යටතේ වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 4.5ක් ගෙවිය යුතු නිසා මේ ගිවිසුම වෙනස් කළ යුතුය යන මතයේ සමගි ජන බලවේගය සිටි බව ඔහු පෙන්වා දෙයි.

මේ යටතේ පැටවු අසීමිත බර ලිහිල් විය යුතු අතර සුළි කුණාටුව නිසා ඇ. ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුව ඇති බවට වාර්තා වන හෙයින් මීටත් වඩා හානි වි ඇති නිසා මේ ණය කොන්දේසි ලිහිල් කර ගැනීමට රජයට කොන්දක් තිබිය යුතු බව හෙතෙම කියාසිටියි.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයන් පවා පවසන ආකාරයට අප රටට ආර්ථික ණය සහනයක් ලැබිය යුතු බවට මත පළ කරන බවත් මොවුන් ණය කප්පාදුවක් ගැන කතා කළත් රජයට මේ ගනුදෙනු කිරීමට කොන්දක් තිබිය යුතු බවත් පවතින කොන්දේසි සමඟ රටට ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top