මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ හිමිවරු ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් හිමිවරු 7 නමක් අපවත්ව ඇති අතර තවත් 6 නමක් තුවාල ලබා තිබේ.
පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අපවත් වූ හිමිවරු අතර විදෙස් හිමිවරු තෙනමක්ද ඇතුළත් වේ. කේබල් මගින් ක්‍රියාකරන ඩක්කුවේ ආධාරක කම්බියක් කැඩී යාම අනතුරට හේතුව බව පොලිසිය සැක කරයි. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ දී ඉන් පිටතට පැනගත් හිමිවරු දෙනමක් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇත.
ඒ අතර අද (25) අලුයම් කාලයේ, කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.