/ Jun 17, 2025

වාහන 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් – 7ක් රෝහලේ (Photos)

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ දී අද (21) උදෑසන වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබූ අවස්ථාවේ දී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටී ඇත.

එහිදී වෑන් රථය තල්ලු වී ගොස් ඉදිරියේ නවතා තිබූ තෙල් බවුසරයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top