/ Feb 11, 2026

ලොරි රථයකට යට වී මල් කැකුළක් මිලින වේ

උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු මරුමුවට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

බැරියර් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි දරුවාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ දරුවා උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top