/ Jul 03, 2025

එක් අයෙකුට මරු කැඳවූ මධ්‍යම අධිවේගයේ බිහිසුණු අනතුර

මධ්‍යම අධිවේගී මාර්ගයේ 76.5 වන කිලෝමීටර් කණුව අසල දී අද (2) අලුයම 3.00ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කොළඹ සිට කුරුණෑගල දෙසට යතුරුපැදි රැගෙන යමින් තිබූ ලොරි රථයක පිටුපස සුඛෝපභෝගී බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

බේරුවල සිට කාත්තන්කුඩි දක්වා චාරිකාවක් යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 23ක් පැමිණ ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි 52 හැවිරිදි බේරුවල – ලියනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top